mqj;a fm<

    Go to Home  Back
Email this to a friend
Printable version
2015 wf.daia;= 21  me' 15'20

නව තානාපතිවරු ප්ර ජාතන්ත්රෙවාදී මැතිවරණයක් පැවැත්වීම ගැන ජනාධිපතිට සුබපතයි

 

නව තානාපතිවරු තිදෙනෙක් අද (21) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රී්පාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්ර‍ භාර දුන්හ.

අක්තපත්රත භාර දුන් තානාපතිවරුන් නම් නව එක්සත් ජනපද තානාපති අතුල් කේෂප්, ඉතාලි තානාපති පාඕලෝ ඇන්ඩ්රිතයා බාර්ටෝරිලි සහ නෙදර්ලන්තය තානාපතිනි ජොඈන් ඩොර්නෙවර්ඩ් ය.

ජනාධිපති මෛත්රීවපාල සිරිසේන මැතිතුමා, ශ්රී් ලංකා හා නව තානාපතිවරුන් නියෝජනය කරනු ලබන රටවල් සමග ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිය ගැන අවධාරණය කරමින් තවදුරටත් වෙළෙඳ, ආයෝජන හා සංචාරක ඇතුළු බොහෝ ක්ෂේත්රිවල ද්විපාර්ශ්වික මිත්රවත්වය හා සහයෝගීතාව තහවුරු කිරීමට උත්සාහ කරන බවට විශ්වාසය පළ කළේය.

ජනාධිපතිතුමා ශ්රී ලංකාව හා නව තානාපතිවරු නියෝජනය කරන තෙරට අතර සමීප ආර්ථික සහයෝගීතාව සිහිපත් කළේය. එතුමා එක්සත් ජනපදය, ඉතාලිය හා නෙදර්ලන්තය විසින් ශ්රීස ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයට ස්තුතිය පළ කළේ ය. ජාත්යනන්තර වෙළෙඳ‍පොළදී එම රටවල් විසින් ලබා දී ඇති සහයෝගය සඳහා ද ස්තුතිය පළ කළේය.

තානාපතිවරුන් තිදෙනා මෙම සතිය මුලදී ප්රීජාතන්ත්රකවාදී, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන ජනාධිපති මෛත්රීපපාල සිරිසේන මහතාට සුබ පැතුම් පිරිනැමීය. ඉතාලි තානාපති බාර්ටෝරිලි තම රටට ශ්රී් ලංකාවේ ප්ර ජාතන්ත්රුවාදී මැතිවරණ ක්රිනයාවලිය තුළින් ඉගෙන ගත හැකි බව පැවසීය. "මම ශ්රීධ ලංකාවේ ජනතාවගේ ප්රුජාතන්ත්රනවාදී මැතිවරණ ක්රිබයාවලිය සඳහා වූ අවංක කැපවීම පිළිබඳව විස්මිත වූවා යැයි," ඔහු සඳහන් කළේය.

ඇමරිකානු තානාපති කේෂප්, ජනාධිපති සිරිසේන මහතා වෙත ජනාධිපති ඔබාමා සහ රාජ්යා ලේකම් ජෝන් කෙරී ගේ සුබපැතුම් පිරිනැමී ය. ශ්රීා ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව සඳහා පූර්ණ සහයෝගය දෙන බවට එක්සත් ජනපදය සහතික විය. තම රට නව ශ්රී් ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා උසස්ම මට්ටමකට ගෙන යාමට උත්සාහ කරන බව කේෂප් මහතා ප්රනකාශ කළේ ය. ලබන මස ජනාධිපති සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහ සැසියට සහභාගීවීමට පැමිණීම පිළිබඳව සිය රට උනන්දුවෙන් බලා සිටින බව ද තානාපතිවරයා පැවසීය.

නෙදර්ලන්තය තානාපති ඩොර්නෙවර්ඩ් මහත්මිය සිය රට, ශ්රීඳ ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය දීමට දිගටම සූදානම් බව කීවාය. ජනාධිපති සිරිසේන මහතාගේ ආර්ථික හා සංවර්ධන ප්රේතිපත්ති ක්රි්යාත්මක කිරීම සඳහා සහය දෙන බවටද තානාපතිතුමිය සහතික විය.

 


 
 
   
     
   
   

Top

   

Contact Information: Send mail to priu@presidentsoffice.lk with questions or comments about this web site.
Last modified: August 23, 2015.

 

Copyright 2008 Policy Research & Information Unit of the Presidential Secretariat of Sri Lanka. All Rights Reserved.