mqj;a fm<

    Go to Home  Back
Email this to a friend
Printable version
2015 wf.daia;= 22  me' 15'20

සාම්පූර් ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් 234 ක් නැවත මුල් ගම්බිම්වලට

 

සාම්පූර් ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් 234 ක් නැවත ඔවුන්ගේ මුල් ගම්බිම්වල පදිංචි කරමින් ඔවුන් වෙත නීත්‍යානුකූල ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ සිදු විය.

යුද්ධයෙන් පසු එවකට පැවති රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් ම`ගින් ආයෝජන මණ්ඩලයට පවරා දී තිබු අක්කර 818 ක් ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බලයට පත්වීමෙන් පසු නැවත රජයට පවරාගෙන මෙලෙස එහි මුල් අයිතිකරුවන් වෙත ලබාදීම සිදු කෙරිනි.

එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජනතා ආශිර්වාදයෙන් තොරව සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බවයි.

උතුරේත්, දකුණේත් ජනතාවගේ ගැටලූ දෙස එක ලෙස බලා එම ගැටලූ විසදීමට කැපවන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

සියලූ ජනතාවට සහෝදරත්වයෙන් සහ විශ්වාසයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනගන බව පැවසූ ජනාධිපතිතුමා දශක 03 ක් යුද්ධයෙන් පීඩා විදි උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ සංවර්ධන කටයුතු පෞද්ගලිකවම සොයා බලා ඒවා ඉටු කර දීමට කැපවන බවද ප‍්‍රකාශ කළේය.

රට සාමකාමී රටක් ලෙස ඉදිරියට ගෙන යා හැක්කේ සියලූ ජනතාවට සම පහසුකම් ලබාදී ඔවුන් අතර සාමය සහ සංහිදියාව ගොඩනැ`ගීමෙන් පමණක් බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අද පස්වරුවේ සාම්පූර් ප‍්‍රදේශයට ගිය ජනාධිපතිතුමා සාම්පුර් වැසියන් විසින් මහත් හරසරින් යුතුව පිළිගත්හ.

පළමුව සාම්පූර් භද්‍රකාලී අම්මාන් කෝවිල වෙත ගොස් ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා අනතුරුව ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැවත පදිංචි කළ ජනතාවගේ සුව දුක් විමසීය.

තම අඩු පාඩු පිළිබද මෙහිදී ජනතාව ජනාධිපතිතුමා දැණුවත් කළ අතර විදුලිය, සනීපාරක්ෂක ඇතුථ යටිතල පහසුකම් ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් මුහුණ දී ඇති අසීරුතාවයන් පිළිබදවද ජනාධිපතිතුමා දැණුවත් කළහ.

තාවකාලික නිවාසවල ජීවත්වන ජනතාව ඉදිරි වැසි සමයේදී මුහුණ දීමට සිදුවන පීඩාවන් පිළිබදව ජනාධිපතිතුමා දැණුවත් කළ අතර ඒ පිළිබද සොයා බලා එම ජනතාවට කඩිනම් සහන සැළසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවයේදි සංකේතාත්මකව 25 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් ඉඩම් ඔප්පු පිරිනැමිණි.

උන් හිටි තැන් අහිමිව කටුක අත්දැකීම් රැසකට මුහුණ දී සිටි තමන්ට උපන් බිමේ අයිතිය ලබාදීම පිළිබ`දව මෙහිදි සාම්පූර් වැසියෝ ජනාධිපතිතුමා වෙත සිය කෘතවේදිත්වය පළ කර සිටියහ.

භූමිය හෙළි පෙහෙළි කර ගැනීමට රුපියල් 13,000 ක මුදලක්ද ඉඩම්ලාභී ජනතාව වෙත රජයෙන් ලබා දෙන අතර තාවකාලික වාසස්ථාන ඉදිකර ගැනීම සදහා රුපියල් 25,000 ක ගොඩනැගිලි ද්‍රව්‍යයද ලබාදීම සිදු කෙරේ.

ඉදිරියේදී මෙම නිවාස නොමිලේ ඉදිකර දීමට රටවල් රැුසක සහය වත්මන් රජය වෙත පළ කර ඇති අතර විදුලිය, ජලය, සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට මෙන්ම මහා මාර්ග ආදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ.

සාම්පූර් ප‍්‍රදේශයේ අවතැන්වූ මුථ පවුල් සංඛ්‍යාව 825 කි. එම සියලූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් ඉටු කරන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ්, රවුෆ් හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, දයා ගමගේ, ඞී.එම්. ස්වාමිනාදන්, ආර්. සම්බන්ධන් යන මැති ඇමතිවරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 


 
 
   
     
   
   

Top

   

Contact Information: Send mail to priu@presidentsoffice.lk with questions or comments about this web site.
Last modified: August 24, 2015.

 

Copyright 2008 Policy Research & Information Unit of the Presidential Secretariat of Sri Lanka. All Rights Reserved.